FAST NEWS

24×7 Around the Globe

බැඳුම්කර ගනුදෙනුව සිදුව ඇත්තේ අර්ජුන්ගේ සෘජු මැදිහත්වීමෙන්..

අපේ රටට කිසිසේත්ම දරාගත නොහැකි තරමේ බරපතළ විනාශයක් සිදුකරමින්, රුපියල් බිලියන දහස් ගණනක අලාභයක් සිදුකළ ආන්දෝලනාත්මක මහ බැංකු බැඳුම්කර…ගනුදෙනුව සිදුව ඇත්තේ අර්ජුන් මහේන්ද්‍රන්ගේ සෘජු මැදිහත්වීම මතම බව මා මගේ විගණන වාර්තාවේ කෙළින්ම පෙන්වා දී ඇත්තේ ඒ පිළිබඳව ප්‍රමාණවත් කරුණු විගණන පරීක්ෂණයේදී අනාවරණය වී ඇති නිසා යැයි සත්වන දිනටත් ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පෙනී සිටි රජයේ විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා අර්ජුන් මහේන්ද්‍රන් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයාටම පිළිතුරු දෙමින් ප්‍රකාශ කර සිටියේය.

රජයේ විගණකාධිපතිවරයා එසේ කියා සිටියේ ඊයේ (19දා) සත්වන දිනටත් කොමිසම හමුවේ ප්‍රශ්නගත මහබැංකු බැඳුම්කර ගනුදෙනු පිළිබඳව සාක්ෂිදීමට පැමිණි අවස්ථාවේ, චූදිත අර්ජුන් මහේන්ද්‍රන් හිටපු මහ බැංකු අධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඔහුගෙන් හරස් ප්‍රශ්න ඇසීම තෙවන දිනටත් සිදුකරන අවස්ථාවේදීය.