FAST NEWS

24×7 Around the Globe

උතුරු මහ ඇමති විග්නේෂ්වරන් තීන්දුව හකුළා ගනියි…

උතුරු පළාත් ප්‍රවාහන හා සෞඛ්‍ය අමාත්‍යවරුන්ට මාසයක කාලයක් නිවාඩු ලබාදීම සඳහා ගත් තීන්දුව ඉවත් කර ගත් බව උතුරු මහඇමති සී.වී. විග්නේෂ්වරන්,විපක්ෂ නායක ආර්. සම්බන්ධන් වෙත ලිපියක් මඟින් දැනුම් දී තිබේ.

දූෂණ හා වංචා චෝදනා හේතුවෙන් උතුර පළාත් සභාවේ කෘෂිකර්ම සහ අධ්‍යාපන ඇමතිවරුන් එම ධුරවලින් ඉවත් කිරීමට ද ප්‍රධාන අමාත්‍යවරයා පසුගිය දා කටයුතු කළේය.

එමෙන්ම ඊට සමාගාමීව ප්‍රවාහන හා සෞඛ්‍ය අමාත්‍යවරුන්ට මාසයක කාලයක් නිවාඩු ලබාදීමට ප්‍රධාන අමාත්‍යවරයා කටයුතු කර තිබුණේය.