FAST NEWS

24×7 Around the Globe

විමල්ගේ නඩුවේ පරීක්ෂණ අවසන්

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පසුගිය මහින්ද රාජපක්ෂ රජය තුළ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයාව සිටියදී වාහන සඳහා රුපියල් 9 කෝටියකට අධික මුදලක් අවභාවිතා කිරීම ඔහුට එරෙහිව පනවා ඇති නඩුව අද (19)  නැවත කැඳවනු ලැබුවා.

ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ අවසන් කර නීතිපතිතුමාගේ උපදෙස් සඳහා යොමුකර ඇතිබව මූල්‍ය අපරාධ කොට්ඨාසය අද අධිකරණයට දැනුම් දුන්නා.

කරුණු සලකා බැලී කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නීතිපතිතුමාගේ උපදෙස් අධිකරණයට දැනුම් දීම සඳහා ඔක්තෝබර් 23 නැවත කැඳවීමට වීමට නියෝග කළා.