FAST NEWS

24×7 Around the Globe

මැතිවරණ නිලධාරීන් ලෙස යොදවන රාජ්‍ය නිලධාරීන්ගේ සංගණනය ලබන සතියේ..

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන හා පළාත් සභා මැතිවරණ සඳහා මැතිවරණ නිලධාරීන් ලෙස යොදවන රාජ්‍ය නිලධාරීන්ගේ සංගණනය ලබන සතියේ සිට සිදුකිරීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇත.

මේ සඳහා අවශ්‍ය ආකෘති පත්‍ර ඉදිරි දිනවල රාජ්‍ය ආයතන වෙත යොමුකිරීමට නියමිතය.

මැතිවරණයට අවශ්‍ය ඡන්ද මධ්‍යස්‌ථාන තෝරා ගැනීම ද මේ වන විට අවසන් කර තිබේ.

එමෙන්ම මැතිවරණ ආකෘති පත්‍ර ද සකස්‌ කර අවසන් කරමින් පවතින අතර මැතිවරණයක්‌ ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව ඒවා යළි පරීක්‌ෂා කර මුද්‍රණයට භාරදීමට ද මැතිවරණ කොමිසම සැලසුම් කර ඇත. ආණ්‌ඩුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය නීතිමය රාමුව සකස්‌ කර අවසන් කළ වහාම ඡන්ද විමසීම සිදුකිරීමට මැතිවරණ කොමිසම අවශ්‍ය මූලික කටයුතු දැනටමත් අවසන් කර තිබේ.