මහ මැතිවරණයේ තැපැල් ඡන්ද භාවිත කිරීමට රාජ්‍ය සේවකයින් පන්ලක්ෂ විසිපන්දහසකට අධික සංඛ්‍යාවකගෙන් අයදුම්පත් ලැබී ඇතැයි මැතිවරණ මහලේකම් කාර්යාලය පැවසී ය.
අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහොමඩ් මහතා පැවසුවේ, එම අයදුම්පත් තේරීමේ කටයුතු ආරම්භ කර ඇති බව ය.
තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම පසුගිය 14 වන දා අවසන් විය.
මේ අතර මහ මැතිවරණය සඳහා තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීමට අදාළ අයදුම්පත් භාර ගැනීම ලබන මස 10 වන දා දක්වා සිදු කරන බව මැතිවරණ මහලේකම් කාර්යාලය පැවසී ය.
පිළිගත් හැඳුනුම්පතක් නොමැති සියලු ඡන්ද දායකයින් ඡන්දය ප්‍රකාශ කිරීමේදී අනන්‍යතාව සහතික කිරීමට තාවකාලික හැඳුනුම්පතක් භාවිත කළ යුතු බව ද එම කාර්යාලය ප්‍රකාශ කළේ ය.
මේ අතර මහ මැතිවරණ කාල සීමාවේදී පොලිස් නිලධාරීන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ දැනුවත් කිරීමට මානව හිමිකම් කොමිෂන් සභාව තීරණය කර තිබේ.
එහි නීති ලේකම් නීතීඥ නිමල් පුංචිහේවා මහතා පැවසුවේ, එහි පළමු අදියර අද සබරගමුව පළාතෙන් ආරම්භ කරන බව ය







