පාර්ලිමේන්තු මන්ත්රී ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්රී ගීතා කුමාරසිංහ මහත්මිය ඉදිරිපත් කළ පෙත්සම විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කර තිබේ.
පෙත්සම්කාර පාර්ශවයේ ඉල්ලීම මත අගවිනිසුරුවරයා විසින් එම විනිසුරු මඩුල්ල පත් කර ඇති අතර පෙත්සම සැප්තැම්බර් මස 15 වනදා විභාගයට ගැනිමට නියමිතයි.








