FAST NEWS

24×7 Around the Globe

රිය අනතුරකින් හිමිනමක් සහ තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට..

යාපනය – මහනුවර ප‍්‍රධාන මාර්ගයේ මැදවච්චිය පූනෑව ප‍්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් හිමිනමක් සහ තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලිසිය සඳහන් කළේ ත‍්‍රීරෝද රථයක් වෑන් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරෙන් ත‍්‍රීරෝද රථ රියදුරු හා එහි ගමන් කළ හිමිනම බරපතල තුවාල ලබා ඇති අතර අනුරාධපුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

අනතුරට සම්බන්ධ වෑන් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මැදවච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.