FAST NEWS

24×7 Around the Globe

ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි..

ගාල්ල බද්දේගම ජල පවිත්‍රාගාරයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් ලබන සදුදා (19) දින පැය 15ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

 ඒ අනූව පෙ.ව 8.00 සිට ප.ව 11.00 දක්වා කාලය තුළ අම්බලන්ගොඩ, බටපොල, ඇල්පිටිය, බලපිටිය හා කොස්ගොඩ ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවේ.

මේ හේතුවෙන් පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාව පිළිබඳ මණ්ඩලය කණාටුව පළ කරන අතර ජලය ඉතා අරපිරිමැස්මෙන් පරිභෝජනය කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි.