FAST NEWS

24×7 Around the Globe

තිස්සගෙන් ඇමති චම්පිකට තවත් චෝදනාවක්..

තම පාලන සමයේදී බොදු බල සේනා සංවිධානය සහ එහි ක්‍රියාකාරීන් සම්බන්ධයෙන් ඉතා දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සැරසුණද චම්පික රණවක අමාත්‍යවරයා සහ එම ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරුන් දෙදෙනකුගේ බලපෑම් මත එම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම වැළකී ගිය බව ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් සහ හිටපු අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ මහතා පවසයි.

ඊයේ (15දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී මහාචාර්යවරයා මේ බව පැවැසුවේය.

බොදු බල සේනා සංවිධානය නිර්මාණය කළේ ජාතික හෙළ උරුමය වන අතර සිංහල බෞද්ධ ඡන්ද පදනම් කරගෙන මේ සංවිධානය ගොඩනැඟූ බවද මහාචාර්යවරයා පැවැසීය.

බොදු බල සංවිධානය මුල්කරගෙන විවිධ සංවිධාන මේ වන විට බිහිවී තිබේ. මේ වසරේ මේ වන විට මුස්ලිම් පල්ලි, කඩසාප්පු ගිනි තැබීම් 160ක් පමණ වාර්තා වන අතර ගිය මාසයේදී එවැනි සිද්ධි 20කට ආසන්න සංඛ්‍යාවක් සිදුවී තිබෙන බවද තිස්ස විතාරණ මහාචාර්යවරයා කීවේය.

මේ සිද්ධිවලට බොදු බල සේනාව සම්බන්ධ බවට තොරතුරු තමන්ට ලැබී ඇති බවත් මේ සිද්ධි වර්ධනය කිරීමෙන් සිංහල, මුස්ලිම් කෝලාහල රටේ ඇති කරමින් කැරැල්ල රටෙහි ක්‍රියාත්මක වූ ආකාරයට එම සිද්ධි වර්ධනය කරමින් මේ මොහොතේ ආණ්ඩුවට ඇති වී තිබෙන ජනතා විරෝධය වෙන පැත්තකට හැරවීම මෙහි අරමුණ වී තිබෙන බවත් තිස්ස විතාරණ මහාචාර්යවරයා තවදුරටත් පැවැසීය.