FAST NEWS

24×7 Around the Globe

බස් ගාස්තු සංශෝධනයට කැබිනට් පත්‍රිකාවක්..

බස් ගාස්තු සංශෝධනයට අදාළ කැබිනට් පත්‍රකාව ලබන සතියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව බව ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කරයි.

අදාළ සංශෝධනය සඳහා වන නිර්දේශ ලබාදෙන ලෙස මුදල් අමාත්‍යාශයෙන් මේ වන විටත් ඉල්ලීමක් කර ඇති බව එම අමාත්‍යාංශය කියයි.

බස් ගාස්තු සංශෝධනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියට අනුව සෑම වසරකම ජුලි මස පළමු වනදා බස් ගාස්තු සංශෝධනයක් සිදු වීමට නියමිත වන අතර, එ අනුව ලබන මාස සිට දැනට ක්‍රියාත්මක බස් ගාස්තු සියයට හයකින් වැඩි වනු ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය වැඩි දුරටත් සඳහන් කරයි.

(DE සිල්වා)