හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් කිත්සිරි රණවකට එරෙහි නඩුව නොවැම්බර් මස 13 වනදා සිට දිනපතා විභාග කිරීමට කොළඹ මහාධිකරණය අද (15) නියෝග කළේය.
පසුගිය ජනාධිපතිවරණ සමයේ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් දෙකෝටි 94 ලක්ෂයක මුදලක් වැය කර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ රුව සහිත ලිත් ලක්ෂ 50ක් මුද්‍රණය කර බෙදා හැරීමේ සිද්ධියට අදාල නඩුව මෙලෙස විභාග කෙරේ.
එ අනුව මෙම නඩුවේ එකේ සිට පහ දක්වා පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද අද (15) සිතාසි නිකුත් කළේය.
(DE සිල්වා)








