ග්‍රාමීය කාන්තාවන්ගේ ආර්ථිකය සවිබල ගැන්වීමේ අරමුණින් දිවයිනේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි කුඩා පරිමාණ ඇඟළුම් ආශ්රිත නිෂ්පාදන කර්මාන්තශාලා 150ක් ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා පවසයි.
අම්පාර දිස්ත්‍රික්කයේ කුඩා පරිමාණ ඇඟළුම් ආශ්රිත නිෂ්පාදන කර්මාන්ත ශාලා ආරම්භ කිරීමේ සමාරම්භක උළෙලට අමාත්‍යවරයා මෙ බව අවධාරණය කළේය.
එසේම දැනට කර්මාන්තශාලා 50ක් නිෂ්පාදන කටයුතු ආරම්භ කර ඇති බවත් සෙසු කර්මාන්තශාලා 100 ද මෙම වර්ෂය අවසන්වන විට නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට නියමිත බව හෙතෙම පැවසීය.
එසේම මෙම ඇඟළුම් ආශ්රිත නිෂ්පාදන කර්මාන්තශාලා මඟින් ග්‍රාමීය කාන්තාවන් සඳහා සෘජු රැකියා 6000ක් ලබාදෙන බවත්, ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 287.5 ක් වෙන් කර ඇති බව කර්මාන්ත හා වාණිජ අමාත්‍යාංශය සඳහන් කරයි.
ජාත්‍යන්තර වෙළෙඳපොළට ගැළපෙන සේ ඇඟළුම් ආශ්රිත නිෂ්පාදන සිදුකිරීම පිළිබඳව මාස 6 ක මූලික පුහුණුවක් ලබාදීමෙන් පසුව තෝරාගත් පුහුණුලාභීන් නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා දායක කර ගැනීමට නියමිත බවත් අමාත්‍යාංශය පවසයි.
එසේම එක් කර්මාන්ත ශාලාවකට ප්‍රතිලාභීන් 40 දෙනෙක් තෝරාගන්නා අතර ඔවුන් පුහුණු කිරීම සඳහා පුහුණුව ලත් උපදේශකයෙකු බැගින් පත් කර ඇති බවත්, ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ දී අවතැන්වූ පවුල්, යුද වැන්දඹුවන් සඳහා ප්‍රමුඛත්වය ලබා දීමට අමාත්‍යාංශය පියවර ගෙන ඇති බවද පවසයි.
(DE සිල්වා)
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.