FAST NEWS

24×7 Around the Globe

කහ ඉර මත අනතුරකින් පසුව නානුඔය උණූසුම් – රථයටත් ගිනි තබයි..

අද (15) උදෑසන 7.00 ට පමණ නානුඔය හැටන් ප‍්‍රධාන මාර්ගයේ නානුඔය දුම්රිය පාලම අසල කහඉර මතින් පාර මාරු වෙමින් සිටි පාසල් දැරියක්  නුවරඑළියේ සිට හැටන් දක්වා ධාවනය වු ටිපර් රථයකට යටවී ජීවිතක්ෂයට පත්වී ඇති බව පොලිසිය පවසයි.

මෙම අනතුරින් දැරිය එම ස්ථානයේදීම මියගොස් ඇති බවත් කලබලයට පත් ප‍්‍රදේශවාසින් එක්ව අදාළ ටිපර් රථය ගිනි තැබීම නිසා නානු ඔය නගරයේ උණූසුම් තත්වයක් ඇතිව පවතින බවත් පොලිසීය පවසයි.

මෙම ගිනි තැබිම හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු සම්පුර්ණයෙන්ම ඇණහිට ඇති බවත් නානුඔය පොලිසිය පවසයි.

එසේම මෙම අනතුර සිදුකළටිපර් රථයේ රියදුරු පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති බවත් වැඩි දුරටත් සඳහන්.

(DE සිල්වා)