FAST NEWS

24×7 Around the Globe

බාස්මතී තොගයේ ප්ලාස්ටික් අංශු නැති බව පර්යේෂණවලදී තහවුරු වෙයි..

පාකිස්තානයෙන් මෙරටට ගෙන්වන ලද බාස්මතී සහල් තොගයේ කිසිදු ආකාරයකින් ප්ලාස්ටික් අංශු අඩංගු වී නැති බව කාර්මික
තාක්ෂණ ආයතනයේ විශේෂ විද්‍යාගාර පර්යේෂණවලදී තහවුරු වී ඇතැයි පාරිභෝගික අධිකාරිය පවසයි.

පාරිභෝගිකයන්ගෙන් ලැබුණු පැමිණිලි සලකමින් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුදීන් මහතාගේ උපදෙස් මත සියලුම සතොස අලෙවි සල්වලින් අදාළ සහල් සාම්පල් ගෙන පරීක්ෂා කර බැලූ බවත් ඒ කිසිදු සාම්පලයක ප්ලාස්ටික් අඩංගු නැති බව තහවුරු වී ඇති බවත් එම අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා පැවසීය.

එම සහල් මිනිස් පරිභෝජනයට සුදුසු බව තහවුරු වී ඇති බවත් එබැවින් ඒ පිළිබඳ කිසිදු බියක් ඇති කර නොගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් සභාපතිවරයා කීය.

(DE සිල්වා)