FAST NEWS

24×7 Around the Globe

උතුරු මහ ඇමතිට එරෙහිව විශ්වාසභංගයක්..

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා මහ ඇමති ධූරයෙන් ඉවත් කරන්නැයි බලකරමින් එම පළාත් සභාවේ මන්ත්‍රීන් 21 දෙනෙකුගේ අත්සනින් යුත් විශ්වාසභංගය සඳහා වු පෙත්සමක් පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතාට ඊයේ  (14) රාත්‍රියේ බාර දී ඇතැයි උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ ආරංචිමාර්ග  සඳහන් කරයි.

උතුරු පළාතේ මීළඟ ප්‍රධාන අමාත්‍ය වරයා ලෙස  උතුරු පළාත් සභාවේ වත්මන් සභාපති සී.වී.කේ සිවඥානම් මහතා පත්කළ යුතු යැයි  මන්ත්‍රීවරුන් පිරිසක් ඉල්ලා ඇති බව ද, උතුරේ  සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටි පී.සත්‍යලිංගම් මහතා පත්කළ යුතුයැයි  තවත් මන්ත්‍රීවරුන් පිරිසක් ඉල්ලා ඇති බව ද පැවසේ.

(DE සිල්වා)