FAST NEWS

24×7 Around the Globe

දුම්රිය ලොකෝමොටිව් රියැදුරෝ වර්ජනයකට යති..

වැටුප් විෂමතා ගැටලුවක් මුල්කර ගනිමින් එළැඹෙන 20 දා මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක නිරතවීමට තීරණය කර ඇතැයි.
දුම්රිය ලොකෝමොටිව් රියැදුරන්ගේ සංගමය  පවසයි.

දුම්රිය දෙපාර්තමේන්තුවේ 6/2006 චක්‍ර‍ලේඛයට අනුව පහළ සිට ශ්‍රේණිගත කිරීමේ දී සිදුවන අසාධාරණකම් පෙන්වා දීමෙන් අනතුරුව එය යථා තත්ත්වයට පත් කරන බව අමාත්‍යාංශයෙන් දැනුම්දීමක් කර අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ පිටපතක් සංගමයට ලබා දී ඇති නමුත් මේ දක්වා එය ඉටු නොවූ බව එම සංගමය පෙන්වා දෙයි.

මෙම කරුණ මුල්කරගෙන ඉකුත් මාර්තු මාසයේ දී වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹුණු අවස්ථාවේ බලධාරීන් ‍පොරොන්දුව අලුත් කළ නමුත් මාස 3ක් ඉකුත් වී ඇතත් එය ඉටු නොවූ බවත් එම සංගමය කියයි.

21 වැනි දා වර්ජනය පිළිබඳව විෂය භාර ඇමැති, අමාත්‍යාංශ ‍ලේකම් හා දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට දැනුම් දුන් බව ද එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේය.

(DE සිල්වා)