FAST NEWS

24×7 Around the Globe

ඥානසාර හිමියන්ගේ පෙත්සම සලකා බැලීම පස්සට..

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ (13) ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා මේ මස 22 වැනිදා යළි කැඳවීමට අධිකරණය අද (14) තීරණය කළේය.

තමන් ගැන සිදුකරන පරීක්ෂණ අවසන් වනතුරු හෝ නීතිපති උපදෙස් ලැබෙන තුරු සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය විසින් තමාව අත්අඩංගුවට ගැනීම වලක්වන ලෙසින් නියෝගයක් ඉදිරිපත් කරන ලෙස ඉල්ලා  ඥානසාර හිමියන් මෙම මුලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර තිබේ.

(DE සිල්වා)