FAST NEWS

24×7 Around the Globe

බටහිර ලන්ඩනයේ නිවාස සංකිර්ණයක ගින්නක්…

බටහිර ලන්ඩනයෙන් ලැටිමර් මාර්ගයේ නිවාස සංකීර්ණයක ගින්නක් හටගෙන ඇතැයි ද ඒ තුළ මිනිසුන් සිරවී ඇතැයි ද විදෙස් පුවත් වාර්තා වේ.

බ්‍රිතාන්‍ය වේලාවෙන් අළුයම 1.16 පමණ ඇතිවු මෙම ගින්න නිවීම සඳහා මෙ වන විට ගිනි නිවන භටයෝ 200කට ආසන්න පිරිසක් යොදවා ඇති බවද සඳහන්.

තුවාල ලැබූ පිරිසකට ප්‍රතිකාර කළ බව නගර පොලිසිය සඳහන් කර ඇති අතර ,ගින්න නිවීම සඳහා ගිනි නිවන රථ 40ක් යැවූ බව ලන්ඩන් ගිනි නිවන ඒකකය පවසා ඇති බව විදෙස් පුවත් වාර්තා වැඩි දුරටත් පවසයි.

(DE සිල්වා)