FAST NEWS

24×7 Around the Globe

හිටපු ජනපතිගේ රියැදුරු රිමාන්ඩ්…

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රියැදුරු ලෙස සේවය කළ යුද හමුදා කපිතාන් තිස්ස විමලසේන ලබන 27 වැනි දා තෙක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (13) නියෝග කළේය.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් රජයේ ඉඩමක අනවසරයෙන් ගල් කොරියක් පවත්වාගෙන යාමේ සිද්ධියකට අදාළව ඔහුට චෝදනා එල්ල වී  තිබේ.

ප‍්‍රකාශයක් ලබා ගැනීම සදහා ඊයේ (13) පෙරවරුවේ මුල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවනු ලැබූ ඔහු ප‍්‍රකාශ ලබාගැනීමෙන් පසු මෙම අත්අඩංගුවට ගැනීම සිදු විය.

(DE සිල්වා)