FAST NEWS

24×7 Around the Globe

සිල් රෙදි නඩුවට සාක්ෂිකරුවන් කැඳවිමේ නියෝගය 19 වැනිදා..

පසුගිය ජනාධිපතිවරණ සමයේ විදුලි සංදේශ නියාමන කොමිසමේ මුදල් රුපියල් මිලියන 600ක් වැයකර සිල් රෙදි බෙදාදීමෙන් සාවද්‍ය පරිහරණය ඇතුළු අධිචෝදනා 3ක් යටතේ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, විදුලි සංදේශන නියාමන කොමිසන් සභාවේ හිටපු අධ්‍යක්ෂක ජනරාල් අනූෂ  පැල්පිට යන අයට විරුද්ධව කොළඹ මහාධිකරණයේ ගොනුකර තිබූ නඩුව අද (13) කැඳවනු ලැබීය.

එ අනුව පැමිණිල්ලේ සාක්ෂිකරුවන් ලෙස ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂක ජනරාල් හා විදුලි සංදේශන නියාමන කොමිසන් සභාවේ ලේකම් යන අය කැඳවීමට නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා විසින් අධිකරණයෙන් කළ ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය ලබන 19 වනදා ලබා දෙන බව කොළඹ මහාධිකරණ අද ප්‍රකාශ කළේය.

මෙම දෙදෙනාට විරුද්ධව නඩුවට අදාළ අධි චෝදනා නීතිපතිවරයා විසින් 2015 වසරේ සැප්තැම්බර් මාසයේදී කොළඹ මහාධිකරණයේදී ගොනු කරනු ලැබීය.

චෝදනා පත්‍රයේ සඳහන් ආකාරයට මෙම සිල් රෙදි බෙදා දීම සිදුව ඇත්තේ 2014 ඔක්තෝබර් 14 වන දින හා 2015 ජනවාරි 5 වන දිනයි.

(DE සිල්වා)