FAST NEWS

24×7 Around the Globe

අතුරුදන්වූන් පිළිබඳ සංශෝධිත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට..

අතුරුදන්වූන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ පාර්ලිමේන්තු විවාදය මේ මස 21 වැනිදා දවසපුරා පැවැත්වීමට පක්ෂ නායකයන් රැස්වීමෙදී තීරණය කර තිබේ.

එ අනුව අදාළ සංශෝධිත පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් එදින පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීමට නියමිතය.

අතුරුදන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පිහිටුවීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන් රජයට චෝදනා කළ අතර, මෙම පනත් කෙටුම්පත සම්මතවීමෙන් පසුව එම කාර්යාලය පිහිටුවීමටද රජයේ එකඟතාවට පැමිණ තිබේ.

(DE සිල්වා)