FAST NEWS

24×7 Around the Globe

දක්ෂිණ අධිවේගි මාර්ගයේ ඉදිකිරිම් අඩපණ වෙයි.. !

දක්ෂිණ අධිවේගි මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා වු ඉදිකිරිම් පස් නොමැති වීම නිසා මේ වන විට අඩ පණ වි ඇතැයි එහි ඉදිකිරිම් සිදුකරන පිරිස් පවසති.

ආණ්ඩු මාරුවත් සමග විවිධ ගැටළු රැසකට මුහුණ දි නැවත ඒවා යථා තත්වයට පත් වීමෙන් පසු වැඩ ආරම්භ කෙරුණු දකුණු අධිවේගී මාර්ගයේ ඉදි කිරිම් සදහා ප්‍රමාණවත් පරිදි පස් ලබා ගැනිමට නොහැකි වී ඇත්තේ රජය විසින් පස්  කැපීම හා ප්‍රවාහනය සම්බන්ධයෙන් විවිධ අණ පනත්,නීති රිති පැනවිම ද මීට හේතු වී ඇතැයිද පැවසේ.

පස් නැතිව ඉදි කිරීම් මදකට ප්‍රමාද වී ඇති බවත් එය අධිවේගි මාර්ගයට පමණක් නොව වෙනත් ඉදිකිරිම් සඳහාද මේ පස් ගැටළුව මතුව ඇති බව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සුරියආරච්චි මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා පැවසීය.

එසේම මේ වන විට ඒ සදහා අවශ්‍ය කටයුතු කරමින් සිටින බවත් ඉදිරි දින කිහිපය තුළදි පස් ගැටළුව විසඳා ගැනීමට හැකියාවක් ලැබෙනු ඇති බවත් හෙතෙම පැවසීය.

තවද මේ සදහා ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා මැදිහත් වී ඇති බවද සභාපතිවරයා වැඩි දුරටත් පැවසීය.

(DE සිල්වා)