FAST NEWS

24×7 Around the Globe

එජාපයේ ජයග්‍රහණය වෙනුවෙන් යළි කැපවෙනවා – අත්තානායක.

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ජාතික මැතිවරණයක දී එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් යළි කැපවන බව එම පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මාධ්‍ය වෙත සඳහන් කළේය.

පක්ෂයේ දේශපාලන වැඩපිළිවෙල සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමෙන් පසු ඊට අවතීර්ණ වන බවත් හෙතෙම කියයි.

එසේම යළි එක්සත් ජාතක පක්ෂයේ වැඩ කටයුතුවලට සම්බන්ධ වන ලෙස නිල ආරාධනයක් මෙතෙක් නොලැබුණ ද තමන් කළ මෙහෙවර සම්බන්ධයෙන් බොහෝ දෙනා අවබෝධයෙන් සිටින බවද අත්තනායක මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

(DE සිල්වා)