FAST NEWS

24×7 Around the Globe

මංතීරු නීතිය කැඩු 1190 කඩ දඩ – පන්තිත් කැඳවයි..

කොළඹ නගරය සහ නගරයට පිවිසෙන මාර්ගවල ඊයේ (12) පෙරවරුවේ සිට රථ වාහන කළමනාකරණය කිරිමේ අරමුණීන් මංතීරු නීතිය දැඩිව ක්‍රියාත්මක කරනු ලැබූ බවත්, එහිදී මංතීරු  නීතිය කඩකළ රියැදුරන් 1190 කට විරුද්ධව රථවාහන ‍පොලිස් නිලධාරීන් නීතිය ක්‍රියාත්මක කර ඇතැයි ‍පොලිස් මූලස්ථානය සඳහන්කරයි.

මංතීරු නීතිය කඩකළ රියදුරන්ට දඩපත්‍රිකා නිකුත් කළ බවද,සති අන්තයේ පැවැත්වෙන රථ වාහන උපදෙස් පන්ති සඳහා ඔවුන් කැඳවන බවද ‍පොලිසිය පවසයි.

මංතීරු නීතිය ඉදිරියේදීද කොළඹ නගරය ආශ්‍රිතව ක්‍රියාත්මක කරන බවත්  ‍පොලිස් මූලස්ථානය වැඩි දුරටත් සඳහන්කරයි.

(DE සිල්වා)