FAST NEWS

24×7 Around the Globe

කෝටියකට වඩා රන් පයේ බැඳි ගුවන් භටයා දැළේ..

රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් රත්තරන් තොගයක් තම කකුල් දෙකෙහි බැඳ කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කිරීමට තැත් කළ 32 හැවිරිදි ශ්‍රී ලංකා ගුවන් හමුදා භටයෙකු අද (13)  කටුනායක ගුවන් තොටුපොළේ අත් අඩංගුවට ගත් බව රේගුව පවසයි .

රත්තරන් වල බර කිලෝ ග්රෑම් 2 යි ග්‍රෑම් 64 ක් බව රේගුව වැඩි දුරටත් පවසයි.

(DE සිල්වා)