FAST NEWS

24×7 Around the Globe

ශ්‍රීලනිප මන්ත්‍රීවරු ජනපතිගෙන් එජාප සාකච්ඡාවක් ඉල්ලයි..

යෝජිත නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනයට ඇතුළත් කරන මතභේදයට තුඩුදෙන යෝජනා පිළිබඳව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්‌සත් ජාතික පක්‍ෂය සමඟ සාකච්ඡා පැවැත්වීමට අවස්‌ථාව සලසන ලෙස ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මන්ත්‍රීවරුන් කණ්‌ඩායමක්‌ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා ඇති බව එම පක්ෂ ආරංචි මාර්ග පවසයි.

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සම්පාදන කටයුතු සඳහා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය පත්කළ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රමුඛ මන්ත්‍රී කණ්‌ඩායම විසින් පසුගියදා ජනපතිවරයාගෙන් මෙම ඉල්ලීම කර ඇති බවත් සඳහන්.

ඉඩම් බලතල, පොලිස්‌ බලතල, බුදුදහමට හිමිවන තැන, ඒකීයභාවය ඇතුළු කරුණු ගණනාවක්‌ සම්බන්ධයෙන් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට ඇතුළත් කළ යුතු හා ඇතුළත් නොකළ යුතු කරුණු රැසක්‌ සහිත යෝජනා මාලාවක්‌ මේ වන විටත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය විසින් සකසා අවසන්ව ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග පවසයි.

(DE සිල්වා)