FAST NEWS

24×7 Around the Globe

තැපැල් වර්ජනය ඇරඹෙයි – සේවක නිවාඩු අවලංගුයි..

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් තැපැල් වෘත්තීය සමිති වැඩ වර්ජනයක් ඊයේ(12) මධ්‍යම රාත්‍රීයේ සිට ආරම්භ කර තිබේ.

එ අනුව පැය 48ක කාලයක් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසයි.

එසේම මෙම වැඩ වර්ජනය සඳහා තැපැල් දෙපාර්තමේන්තුවේ සියලුම වෘත්තිය සමිති සහය පළ කර ඇති බවත් එම පෙරමුණ කියයි.

කෙසේ වෙතත් ඊයේ(12) මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම කාර්යය මණ්ඩලවල නිවාඩු අවලංගු කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කළ බව තැපැල්පති රෝහණ අබේරත්න මහතා සඳහන් කළේය.

අත්යවශ්‍ය රාජකාරී ඉටුකිරීම බිඳ වැටිය හැකි බැවින් මෙම තීරණය ගත් බවද හෙතෙම පැවසීය.

නිවාඩු අවලංගු කළ ද එය වර්ජනයට බාධාවක් නොවන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසයි.

(DE සිල්වා)