FAST NEWS

24×7 Around the Globe

ඥානසාර හිමි සඟවාගෙන සිටින අැමැතිගේ නම තිස්ස මාධ්‍ය වෙත කියයි…

අධිකරණය හමුවේ පෙනී සිටිනෙ ලෙස නියෝගයක් නිකුත් කර සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් වරයා වන ගලබොඩ අත්තේ ඥානසාර හිමි සඟවා සිටින්නේ ජාතික හෙළ උරුමයේ නායක පාඨලී චම්පික රණවක මහතා බව ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ මහතා කොළඹදී අද (12) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් පැවසීය.

පුවත්පත්  මාධ්‍යවල මෙම හිමී නම සඟවා සිටින්නේ කවුරුදැයි නිශ්චිත වශයෙන් ප්‍රකාශ කිරීමක් සිදු නොකළ බැවින් තමා මෙම හෙළි කිරීම සිදු කරන බවද එ මහතා මෙහිදි සඳහන් කර සිටියේය.

එමෙන්ම ඥානසාර හිමි හා ජාතික හෙළ උරුමය අතර කිට්ටු සබඳතාවයක් පවතින අතරම එම හිමි නම මුලින් ජාතික හෙළ උරුමයේ සිටි බවද එම මහතා පවසයි.

ඥානසාර හිමි ජාතික හෙළ උරුමයේ කොළඹ දිස්ත්‍රික්කයේ අපේක්ෂකයෙකු ලෙස 2014 වසරේ තරඟ කළ බවද, වර්තමාන ජාතික හෙළ උරුමයේ සභාපති වන  හැදිගල්ලේ විමලසාර හිමි ද මුල් කාලයේ බොදු බල සේනාව සමඟ සම්බන්ධ වී සිටි බව හෙතෙම පෙන්වා දෙයි.

ඒ හේතුවෙන් බොදු බල සේනාව හා ජාතික හෙළ උරුමය අතර සමීප සබඳතාවයක් පවතින බව එම මහතා වැඩි දුරටත් මෙහිදි සඳහන් කර  සිටියේය.

(DE  සිල්වා)