FAST NEWS

24×7 Around the Globe

සාමාන්‍ය පෙළ අයැදුම්පත් භාර ගැනීම බ්‍රහස්පතින්දායින් අවසන්..

2017 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ අයැදුම්පත් භාරගැනීම ලබන බ්‍රහස්පතින්දා දිනයෙන් අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

පාසල් අයදුම්කරුවන් පාසලේ විදුහල්පතිවරයා මාර්ගයෙන් සහ පෞද්ගලික අයැදුම්කරුවන් සම්පූර්ණ කරන ලද අයදුම්පත් ලියාපදිංචි තැපෑලෙන්ද විභාග දෙපාර්තමේන්තුවට එවිය යුතු බවයි එම දෙපාර්තමේන්තුව පවසයි.

පැවති ආපදා තත්ත්වය හේතුවෙන් පසුගිය මස 31 වන දායින් අවසන් වීමට නියමිතව තිබූ සාමාන්‍ය පෙළ විභාගයේ අයැදුම්පත් කැදවීම ජුනි මස 15 වන දා දක්වා දීර්ඝ කෙරුණී.

(DE සිල්වා)