FAST NEWS

24×7 Around the Globe

ඥානසාර හිමී අධිකරණයට නොවැඩියාට වරෙන්තු නෑ..

බොදුබල සේනා සංවිධානයේ මහා ලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමීයන්ට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ ,නීතිපතිවරයා පනවා ඇති නඩුව යළි ජුලි මස 18, 19, 20 විභාගයට ගැනීම සඳහා අභියාචනාධිකරණ අද (12) යළි දින නියම කළේය.

හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ දී දැක්වූ හැසිරීමක් සම්බන්ධයෙන් උන්වහන්සේට නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබේ.

එසේම අද (12)  දිනයේදීද ඥානසාර හිමියන් අධිකරණය හමුවේ පෙනී නොසිටිම නිසා උන්වහන්සේව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ඉල්ලා සිටිමට නීතිපතිවරයා  කටයුතු කළේය.

මීළඟ නඩු දිනයේ දී නොපැමිණියහොත් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන බව නීතිපතිවරයාට ප්‍රතිචාර දක්වමීන් අධිකරණය අවධාරණය කර සිටියේය.

උන්වහන්සේට ජීවිත තර්ජන ඇති නිසා අද දිනයේ නඩු විභාගය සඳහා නොපැමීණි බව ඥානසාර හිමි වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය වෙත දන්වා සිටියේය.

එවැන්නක් වාර්තා නොවන බවත් ඊළඟ නඩු දිනයේ උන්වහ්නසේ අනිවාර්යයෙන් නඩුවට පෙනි සිටිය යුතු බව
අධිකරණය නීතිඥවරයාවරයාට පිළිතුරු ලබා දෙමීන් සඳහන් කළේය.

(DE සිල්වා)