FAST NEWS

24×7 Around the Globe

ඇමති ජෝන් තර්ජනය කළ මාධ්‍යවේදියාගෙන් පැමිණිල්ලක්..

අමාත්‍ය ජෝන් අමරතුංග මහතා විසින් මාධ්‍යවේදියකුට තර්ජනය කර පහරදීමට තැත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ මාධ්‍යවේදියා පෑලියගොඩ පොලිස් ස්ථානය වෙත මතු ආරක්ෂාව පතා පැමිණිල්ලක් දමා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (11දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින්  පැවසීය.

මාධ්‍යවේදී බෙනට් ෆර්ඩිනැන්ඩස් මහතා අමාත්‍යවරයාගේ තර්ජනයට මුහුණ දුන්නේ ඉකුත් 08 වැනිදා මුතුරාජවෙල ප්‍රදේශයේ කසළ බැහැර කිරීම සම්බන්ධයෙන් අමාත්‍යවරයාගේ කඳානේ පිහිටි පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකින් අනතුරුවය.

මෙම මාධ්‍යවේදියා පෑලියගොඩ පොලිසිය වෙත ඉකුත් 09 වැනිදා පස්වරුවේ අදාළ පැමිණිලි ගොනු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

(DE සිල්වා)