FAST NEWS

24×7 Around the Globe

තැපැල් වෘත්තිය සමිති අද මධ්‍යම රාත්‍රී සිට වර්ජනයේ..

තැපැල් වෘත්තිය සමිති අද(12) මධ්‍යම රාත්‍රීයේ සිට පැය 48ක සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

තැපැල් කාර්යාල පවත්වාගෙන යන ගොඩනැඟිලි සංචාරයක හෝටල් ව්‍යාපෘතියක් සඳහා යොදා ගැනීමට තීරණය කිරිම සහ පරිපාලන ගැටළු සඳහා විසඳුම් ලබා නොදීමට විරෝධය පළ කරමින් මෙම වර්ජනය සිදු කෙරෙන බව ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ සඳහන් කළේය.

මේ සඳහා කඩිනම් විසඳුම් ලබා නොදුනහොත් ලබන 26 වනදා සිට අඛන්ඩ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව එම පෙරමුණ වැඩි දුරටත් සඳහන් කරයි.

(DE සිල්වා)