උතුරු පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍ය එස්. කුරුකුලරාජා මහතා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පසුගිය (09) වැනිදා ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා වෙත භාරදී ඇති බව වාර්තා වේ.
අදාළ ලිපිය භාර ගැනීම මාවෙයි සේනාධිරාජා විසින් ප්‍රතික්ෂේප කොට ඇතත් කුරුකුලරාජා අමාත්‍යවරයාගේ දැඩි ඉල්ලීම මත ලිපිය භාරගෙන ඇති බවත් පැවසේ.
එහෙත් එය නිල වශයෙන් භාර ගැනීමක් නොවන බව මාවෙයි සේනාධිරාජා මහතා විසින් ප්‍රකාශ කොට ඇති බවද වාර්තා වේ.
උතුරු පළාත් සභාවේ අමාත්‍යවරුන් සිව් දෙනකුට එරෙහිව ඉදිරිපත්වී ඇති දූෂණ චෝදනා සම්බන්ධයෙන් උතුරු පළාත් සභාවේ ලබන 14 වැනිදා පැවැත්වෙන විවාදයෙන් පසුව එහිදී ඉදිරිපත් වන කරුණු අනුව කුරුකුලරාජා අමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීමේ ලිපිය සම්බන්ධයෙන් කටයුතු කරන බව සේනාධිරාජා මන්ත්‍රීවරයාගේ අදහස වී ඇති බවත් පැවසේ.
උතුරු පළාත් සභාවේ අමාත්‍යවරුන් සිව් දෙනාට දූෂණ හා වංචා චෝදනා ඉදිරිපත් වීමෙන් පසුව ඒ ගැන සොයා බැලීමට ප්‍රධාන අමාත්‍යවරයා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළ අතර එම කමිටුවේ වාර්තාව මේ වන විට ප්‍රධාන අමාත්‍යවරයා වෙත භාරදී තිබේ.
පිටු 80 කින් සමන්විත එම වාර්තාවට අනුව උතුරු පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍යවරයාත්, කෘෂිකර්ම අමාත්‍යවරයාත් දූෂණ චෝදනාවලට වරදකරුවන් වී ඇති බව පසුගිය 6 වැනිදා පළාත් සභා රැස්වීමේදී ප්‍රකාශ කෙරිණි.
ඒ ගැන අවසන් තීරණයක් ගැනීමට ලබන 14 දා විවාදයක් පැවැත්විය යුතු බවට උතුරු පළාත් සභාව තීරණයක් ගෙන ඇත.
(DE සිල්වා)
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.