FAST NEWS

24×7 Around the Globe

ඇමති දුමීන්ද මව්බිමෙන් මීලියන 100 ක් ඉල්ලයි..

කෘෂිකර්ම අමාත්‍ය දුමීන්ද දිසානායක මහතා මව්බිම පුවත්පතෙන් රුපියල් මීලියන සීයයක වන්දියක් ඉල්ලා එන්තරාවාසියක් යවා ඇති බව වාර්තා වේ.

අමාත්‍යවරයා නොපැවසූ අදහසක් එම පුවත්පතේ පළ කිරීමට එරෙහිව මෙම නීතිමය පියවර ගැනීමට කටයුතු කර ඇති බවද පැවසේ.

එසේම අදාළ පුවත්පතෙහි පළවූ ප්‍රවෘත්තිය නිවැරදි විය යුතු බවත් වෙබ් අඩවියේ පළවූ පුවතද නිවැරදි කරන ලෙසත් සිය එන්තරවාසිය මගින් අමාත්‍යවරයා දන්වා ඇති බවත් වැඩි දුරටත් වාර්තා වේ.

(DE සිල්වා)