FAST NEWS

24×7 Around the Globe

ජනපති ආණ්ඩු පක්ෂයේ රැස්වීමක් කැඳවයි…

දිවයිනට බලපෑ ආපදා තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමක් කැඳවා ඇති බව වාර්තා වේ.

එ අනුව අද(07) පස්වරු 4.00 පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම රැස්වීම පැවැත්වෙන බව ආණ්ඩු පක්ෂ ආරංචි මාර්ග පවසයි.

ආපදා කළමනාකරණය සම්බන්ධයෙන් අනිද්දා දිනයේ පාර්ලිමේන්තුවේ විශේෂ කල් තැබීමේ විවාදයක් පැවැත්වීමට නියමිත අතර ඒ පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කිරීමට නිමිතව ඇති බව එම ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරයි.

(DE සිල්වා)