FAST NEWS

24×7 Around the Globe

දරු ප්‍රසුතියෙන් වසරක් යන තුරු හෙදියන්ට රාත්‍රී සේවා මුර නෑ..

දරු ප්‍රසුතියෙන් පසු වසරක් යන තුරු රාත්‍රි සේවා මුර අහෝසි කරමින් හෙදියන් සදහා තවත් සහනයක් ලබාදෙන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය.

මහල් 08 කින් යුත් කළුතර නව හෙද විද්‍යාලය සදහා මුල්ගල් තැබීමේ උත්සව අවස්ථාවට එක්වෙමින් හෙතෙම මේ බව පැවසීය.

“හෙද හෙදියන් වෙනුවෙන් අතිකාල දීමනා ඉහළ දැමිමට පියවර ගත්තා. වත්මන් රජය විසින් රාජ්‍ය සේවක වැටුප් රුපියල් 10,000 කින් වැඩි කළා. එයට සමගාමීව අතිකාල දීමනා ද වැඩිකළ යුතු බවට වෘත්තීය සමිති ඉල්ලා සිටියා. ඒ අනුව මගේ මැදිහත්වීමෙන් මුදල් අමාත්‍යාංශය සමග සාකචිඡා කර වැඩිකළ වැටුපට සාපේක්ෂව 2016.01.01 දින සිට අතිකාල දීමනා වැඩි කළා. ඊට අදාල චක්‍රලේඛය නිකුත් කර තිඛෙනවා. හෙද හෙදියන් වෙනුවෙන් මම තවත් සහනයක් ලබාදෙනවා. දරු ප්‍රසුතියෙන් පසු වසරක් යන තුරු හෙදියන් සදහා රාත්‍රි සේවා මුර අහෝසි කිරිම එම සහනයයි. එවිට දහවල් සේවා මුරය පමණයි සිදු කරන්න තිඛෙන්නේ. එමගින් දරුවාට අවශ්‍ය රැකවරණය ද ලැඛෙනවා.”

(ADS)