FAST NEWS

24×7 Around the Globe

මන්ත්‍රී රෝහිතට එරෙහි නඩුව විභාගයට දින දෙයි..

2004 වසරේ සිට 2006 වසර දක්වා කාලය තුළ රුපියල් ලක්ෂ 412කට අධික මුදල් හා දේපල අල්ලස් මගින් අත්පත් කර ගෙන ඇති බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනට එරෙහිව අල්ලස් කොමිසන් සභාව ගොනුකර ඇති නඩුව විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද (05) දින නියම  කළේය.

එ අනුව ජූලි මස 3 සහ 5 දිනයන්හිදී  එම නඩුව විභාගයට ගන්නා බව අධිකරණය අවධාරණය කර සිටියේය.

එසේම ලබන 12 / 13 සහ 14 යන දිනයන්හිදී විත්ති පාර්ශ්වයට නඩුවේ පරිගණක සාක්ෂි පරික්ෂා කිරීමටද අධිකරණය අද අවසර ලබා දුන්නේය.

(ADS)