FAST NEWS

24×7 Around the Globe

පුංචි ඡන්දය පිළිබඳ ඒකාබද්ධයෙන් යුරෝපා සංගමයට පැමීණිල්ලක්..

පළාත් පාලන ඡන්දය නොපැවැත්වීම ගැන ඒකාබද්ධ විපක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු මන්ත්‍රී කණ්‌ඩායමක්‌ විසින් පසුගිය 01 දා යුරෝපා සංගමයේ තානාපතිවරයාට පැමිණිලි කර ඇති බව එම පක්ෂ ආරංචි මාර්ග පවසයි.

යුරෝපා සංගමයේ තානාපති තුං-ලයි-මාර්ග් මහතා සමඟ කොළඹ පැවැති සාකච්ඡාවට දිනේෂ් ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග, නාමල් රාජපක්‍ෂ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ඒකාබද්ධ විපක්‍ෂයේ තවත් මන්ත්‍රීවරුන් පිරිසක්‌ සහභාගි වූ බවද සඳහන්.

පළාත් පාලන ඡන්දය නොපැවැත්වීමෙන් රටේ සිදුවූ ගංවතුර, නාය යැම් වැනි ස්‌වාභාවික ව්‍යවසන වලටද කඩිනම් විසඳුම් ලබාදීමට නොහැකි වීම සහ යහපාලන රජය මගින් සිදුකරන දේශපාලන පළිගැනීම් ඇතුළු වැදගත් කරුණු රැසක්‌ එහිදී සාකච්ඡා වී ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

(ADS)