FAST NEWS

24×7 Around the Globe

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සුදුකම් ලැබු ලැයිස්තුව අන්තර්ජාලයට..

2016 වර්ෂය සඳහා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ඇතුළුවීම සඳහා සුදුසුකම් ලත් අයැදුම්කරුවන්ගේ නාම ලේඛනය අධ්‍යාපන අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියේ පළ කර තිබේ.

එ අනුව 2014 අපොස උසස් පෙළ ප‍්‍රතිඵල මත 2016 වර්ෂය සඳහා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ඇතුළු වීම සඳහා සුදුසුකම් ලත් අයැදුම්කරුවන්ගේ නාම ලේඛනය නිකුත් වී ඇති අතර අයැදුම්කරුවන් ලියාපදිංචි කිරීම 2017.06.20 වන අගහරුවාදා දින සිදුකිරීමට නියමිත බව එහි සඳහන් වේ.

ඒ සම්බන්ධ වැඩිදුර තොරතුරු අදාළ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල පීඨාධිපතිවරුන් මගින්, අයැදුම්කරුවන්ගේ පෞද්ගලික ලිපිනයට දැනුම් දෙනු ඇති බවද අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

(ADS)