FAST NEWS

24×7 Around the Globe

බ්‍රසීලයේ රියෝද ජැනයිරෝ ගුවන් තොටුපලෙන් ස්වයංක්‍රීය ගිනි අවි හැටක්..

බ්‍රසීලයේ රියෝද ජැනයිරෝ ගුවන්තොටුපොලේදී ස්වයංක්‍රීය ගිනි අවි හැටක් සොයා ගැනීමට එරට පොලිසිය සමත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.

රියෝද ජැනයිරෝ ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ භාණ්ඩ බහාලුම් මධ්‍යස්ථානයේ සගවා තිබියදී මෙම ගිනි අවි සොයාගත් බව පැවසේ.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හතර දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවත් කුමන හේතුවක් මත මෙම ගිනි අවි ගුවන්තොටුපොලේ සගවා තැබුවේද යන්න මෙතෙක් හෙළිවී නොමැති බවත් වාර්තා වේ.

(ADS)