FAST NEWS

24×7 Around the Globe

වැලිකඩ බන්ධනාගාර සිද්ධිය සම්බන්ධ පෙත්සම සලකා බැලේ..

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 27 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා ගොනුකර තිබූ රීට් පෙත්සම ජූලි 07 වනදා සලකා බැලීමට අද අධිකරණය තීරණය කළේය.

සිද්ධිය වූ අවස්ථාවේදී බන්ධනාගාරගතවී සිටි සිරකරුවකු වන සුදේශ් සිල්වා යන පුද්ගලයෙකු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණී.

සිය පෙත්සම මගින් ඔහු පෙන්වා දෙන්නේ එම සිදුවීම සිදුවී දැනට වසර 4ක් ගතවී ඇතත් මේ සම්බන්ධයෙන් කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බැවින් විධිමත් පරීක්ෂණයක් කිරීමට නියෝගයක් කරන ලෙසයි.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, පොලිස්පතිතුමා, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා හා නීතිපතිවරයා යන වග උත්තරකරුවන් ලෙස නම් කර තිබේ.

2012 නොවැම්බර් 9 හා 10 යන දින වල වැලිකඩ බන්ධනාගාරයේ ත්‍රස්ත විමර්ශන ඒකකය හා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් කළ හදිසි සෝදිසි මෙහෙයුමක් අවස්ථාවේදී ඇතිවූ කලහකාරී අවස්ථාවකදී මෙම වෙඩි තැබීම සිදුවිය.

(ADS)