FAST NEWS

24×7 Around the Globe

එළවළු තොග මිල සීයයට 40 කින් ඉහළට..

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්‌ථානයට එළවළු තොග සැපයීම අඩු වීම හේතුවෙන් උඩරට එළවළු තොග මිල සියයට 40 කින් පමණද පහතරට එළවළු තොග මිල සියයට 20 කින් පමණද ඉහළ ගොස්‌ ඇතැයි එම ආර්ථික මධ්‍යස්‌ථානයේ කමිටු සාමාජික යූ. බී. ඒකනායක මහතා පවසයි.

එමෙන්ම බෝංචි කිලෝව රුපියල් 140 ක්‌ ද අමුමිරිස්‌ කිලෝව රුපියල් 400 ක්‌ ද මාළු මිරිස්‌ කිලෝව රුපියල් 240 ක්‌ ද බටු කිලෝව රුපියල් 140, තක්‌කාලි කිලෝව රු. 70, ගෝවා කිලෝව රුපියල් 110, කැරට්‌ කිලෝව 270 දක්‌වා ද තොග මිල ගණන් වැඩි වී ඇති බවද එ මහතා පෙන්වා දෙයි.

(ADS)