FAST NEWS

24×7 Around the Globe

කොළොන්නාවට බොරතෙල් සපයන බෝයාවේ කාන්දුවක්…

කොළොන්නාවට බොරතෙල් සපයන ඛනිජ තෙල් සංස්ථාවට අයත් ප්‍රධාන නළ මාර්ගයේ මුහුදේ පිහිටි බෝයාවේ තෙල් කාන්දුවක් සිදුව ඇති බව වාර්තා වේ.

ජා ඇල, උස්වැටකෙයියා සිට කිලෝමීටර් 09ක් පමණ දුරින් වූ මුහුදු ප්‍රදේශයේ මෙම බෝයාවට සුළඟේ වේගය ඉහළ යාමත් සමග මුහුද රළු වීම හේතුවෙන් හානි සිදුවී තෙල් කාන්දුව සිදුව ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කළේ ය.

බෝයාවෙන් මුහුදට මුසුව ඇති තෙල් තට්ටු ඉවත් කිරීමට මේ වන විට කටයුතු කරමින් සිටින බවද එම අධිකාරිය වැඩි දුරටත් පැවසී ය.

(ADS)