FAST NEWS

24×7 Around the Globe

“ආවා” කල්ලියේ නායකයින් 03 ක් අත්අඩංගුවට ගැනේ..

යාපනය ප්‍රදේශයේ  සිදුවූ අපරාධ රැසකට සම්බන්ධ යැයි සැලකෙන “ආවා” කල්ලියේ නායකයින් යැයි පැවසෙන පුද්ගලයින් තිදෙනෙකු මිල්නාඩු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඔවුන් වීසා නොමැතිව අනවසරෙන් ඉන්දියාවේ රැදී සිටිදී අත්අඩංගුවට පත්ව ඇති බවත් පැවසේ.

එ අනුව මෙම කල්ලිය මෙහෙයවුවා යැයි බව කියන ඥානසේකරම් දේවසුදන්(දේවා),නල්ලලිංගම් ප්‍රසන්නා(සන්නා) සහ ඩැනියල් ගුණසීලන්(ප්‍රකාශ්) යන තිදෙනාව තමිල්නාඩුවේ නාගපට්ටනම් ප්‍රදේශයේ රැදී සිටියෙදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

මොවුන් මීට කලකට පෙර මන්නාරමේ සිට මුහුදු මාර්ගයෙන් ඉන්දියාව බලා පැනගොස් ඇති අතර මොවුනගේ අරමුණ වී ඇත්තේ ඉන්දියාවේ සිට ස්විස්ටර්ලන්තය ට පළා යාම බවද එම ආරංචි මාර්ග පවසයි.

මේ සම්බන්ධයෙන් ඉන්දීය පොලිසිය මෙරට පොලිස් දෙපාර්තුමේන්තුව වෙත නිල වශයෙන් දැනුම් දී බවද එම ආරංචි මාර්ග වැඩි දුරටත් පවසයි.

(ADS)