FAST NEWS

24×7 Around the Globe

සංගා සහ කුක් සම්මානයක් සඳහා කරට කර එයි..

වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමය තෝරාගනු ලබන ‘මාසයේ දක්ෂතම ක්‍රීඩකයා’ සම්මානය සඳහා මෙවර නිර්දේශිත නාම අතරට සරේ ප්‍රාන්ත කණ්ඩායමට ක්‍රීඩා කරන හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීකට් නායක කුමාර් සංගක්කාර ඇතුලත්ව තිබේ.

ක්‍රීඩා ලෝලීන්ගේ මනාප වලින් මෙම සම්මානයේ හිමිකරුවා තෝරාගැනීමට නියමිත බව ක්‍රීඩා මාධ්‍ය වාර්තා පවසයි.

එසේම සංගක්කාරට අමතරව මෙම සම්මානය සඳහා ග්ලැමෝගන් ප්‍රාන්ත කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක කොලින් ඉන්ග්‍රම්, වෝවික්ෂයර් ප්‍රාන්ත කණ්ඩායමේ පිතිකරු ඩැරිල් මිචෙල් සහ එසෙක්ස් ප්‍රාන්ත කණ්ඩායමේ ආරම්භක පිතිකරු ඇලිස්ටෙයාර් කුක් එම සම්මානය සඳහා නිර්දේශ වී තිබේ.

මෙවර තරග වාරයේ තරග 4 කදී ඉනිම් 7 ක් තුළ ශතක 4 ක් සහ ද්විත්ව ශතයක් සමගින් ලකුණු 805 ක් රැස්කිරීමට සංගක්කාර සමත්ව සිටින අතර එම දක්ෂතා පදනම් කරගෙන ඔහු නිර්දේශිත ලැයිස්තුවට ඇතුළත් කර තිබේ.

(ADS)