FAST NEWS

24×7 Around the Globe

ඒකාබද්ධ මන්ත්‍රී වැටුප සහනයට – රජයේ ලක්ෂ 10 කෝ ?

දිවයිනට බලපා ඇති ආපදා තත්වයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ වැටුප හා පුද්ගලික මුදල් යොදවන බව ඒකාබද්ධ විපක්ෂයේ උපසභාපති රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.රංජිත් ද සොයිසා මහතා මාධ්‍ය වෙත පැවසීය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස් මත මෙම තීරණය ගත් බවද හෙතෙම පැවසීය.

එසේම පසුගිය වර්ෂයේදී එවකට මුදල් අමාත්‍යවරයා විසින් යෝජනා කළ පරිදි දෙකෝටි විසිලක්‍ෂයක් වූ ජනතාව ආවරණය වන පරිදි රක්‍ෂණ ආවරණයක් ස්ථාපිත කර ඇති බවත් ඒ අනුව විපතට පත් පුද්ගලයෙකුට ලක්‍ෂ දහයක මුදලක් ලබාදීමට මුදල් වෙන්කර ඇති බවද මෙහිදී පෙන්වා දුන් ඔහු එ පිළිබඳව රජයෙන් ඉල්ලා සිටින බවද පැවසීය.

(ADS)