FAST NEWS

24×7 Around the Globe

සයිටම් අභියචානාධිකරණ තීන්දුවට එරෙහි පෙත්සම 22 විභාගයට ගැනීමට තීන්දු වේ..

සයිටම් මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිබඳව අභියාචනාධිකරණය ඉකුත්  ජනවාරි 31 ලබා දුන් තීන්දුවට එරෙහිව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ගොනු කළ පෙත්සම එළඹෙන 22 වන දා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (01) තීරණය කළේය.

අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්, ප්‍රියන්ත ජයවර්ධන, උපාලි අබේරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ඉදිරියේ එය අද කැඳවූ අවස්තාවේදි මෙම තීරණය ලබා දුන්හ.

සයිටම් ශිෂ්‍යාවක් ගොනු කළ පෙත්සම අනුව  සයිටම් ආයතනයට උපාධි පිරිනැමීම සඳහා බලයක් ඇති බව ඉකුත් ජනවාරි 31 වැනිදා අභියාචනාධිකරණය තීන්දු කළේය.

(ADS)