FAST NEWS

24×7 Around the Globe

විදේශීය පරිත්‍යාගශීලීන් සඳහා විශේෂ ගිණුම් අංක 05ක්…

දිවයිනේ දිස්ත්‍රික් කිහිපයක ඇති වූ ගංවතුර හා නාය යෑම් වලින් විපතට පත් වූ ජනතාවට සහන සැලසීම සඳහා දේශීය මෙන් ම විදේශීය පරිත්‍යාගශීලීන්ගේ පහසුව තකා ,විදේශ මුදල් පරිත්‍යාග ලබා ගැනීමට හැකි වන පරිදි සම්පත් බැංකුවේ විශේෂ ගිණුම් අංක 05ක් රජය විසින් විවෘත කර ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.

විදේශයන්හි සිට මුදල් සම්ප්‍රේෂණය කිරීම සඳහා එම බැංකු ගිණුම් සඳහා වන SWIFT සංකේතය වනුයේ BSAMLKLX ය.

විදේශ මුදල් වර්ගය බැංකු ගිණුම් අංකය

1. ඇමෙරිකානු ඩොලර් (USD) 5029 6000 2000
2. ස්ටර්ලින් පවුම් (GBP) 5029 6100 2000
3. ජපන් යෙන් (SPY) 5029 6400 2000
4. ඕස්ට්‍රේලියානු ඩොලර් (AUD) 5029 6600 2000
5. යූරෝ (EUR) 5029 6900 2000

මෙසේ පරිත්‍යාගශීලීන්ගෙන් ලැබෙන මෙම සියලු මුදල් ආපදාවෙන් විපතට පත්වූවන්ගේ දේපළ පුනරුත්ථාපනය කිරීමේ රජයේ වැඩසටහන හා අවශ්‍යතාවය පරිදි සහන කටයුතු සඳහා කඩිනමින් යොදා ගැනමට කටයුතු කරන බවත් මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

(ADS)