FAST NEWS

24×7 Around the Globe

සයිට්ම් එරෙහි පෙත්සම විභාගයෙන් විනිසුරුවරයෙක් ඉල්ලා අස්වෙයි..

මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් උපාධිය ලබා පිටවන සිසුන්ට වෛද්‍ය වෘත්තිකයින් ලෙස ලියාපදිංචි වීමට නීතිමය අයිතියක් ඇති බවට තීන්දු කරමින් දෙන ලද අභියාචනාධිකරණ තීන්දුව අභියෝගයට ලක් කර ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ගොනු කළ අභියාචන පෙත්සම් විභාගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මළල්ගොඩ මහතා ඉවත් වන බව ඊයේ (31) අධිකරණය හමුවේ දැනුම් දුන්නේය.

තමන් මීන් පෙර අභියාචනාධිකරණ විසින් සයිටම් ආයතනය සම්බන්ධයෙන් ලබා දුන් මෙම නඩු තීන්දුවට සහභාගී වී ඇති බැවින් නඩු විභාගයෙන් ඉවත් වන බව විනිසුරුවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියේය.

මෙම පෙත්සම සිසිර ද ආබෲ ,අනිල් ගුණරත්න සහ විජිත් මළල්ගොඩ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවිණි.

(ADS)