මත්ද්‍රව්‍ය විරෝධී වැඩසටහන් කොතරම් දියත් වුවත් දුම්වැටි නිසා තවමත් දිනකට 60 දෙනෙකු මීයයන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (31දා) කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
සිදුකරන වැඩසටහන්වල පවතින අක්රමවත්භාවය නිසා මෙවැනි අවාසනාවන්ත තත්ත්වයකට මුහුණදීමට සිදුව තිබෙන බවද එම සංගම පවසයි.
මේ නිසා අද (31දා) දිනට යෙදී තිබෙන දුම්වැටි විරෝධී දිනය නිමිති කරගෙන රට තුළින් දුම්වැටි තුරං කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කළ බවද එම සංගමය වැඩි දුරටත් සඳහන් කළේය.
(ADS)








